Watch a short video about the basic use cases of chemical anchoring in Sri Lanka. (Sinhala Language)


Contact Form | Chemical Anchoring


හඳුන්වාදීම - කෙමිකල් ඇන්කරින් කියන්නේ මොකද්ද?

කොන්ක්‍රීට් එකට කම්බි (රීබාර්) හයිකරන එකට තමා කෙමිකල් ඇන්කරින් කරනවා කියන්නේ. දැනට තියෙන කොන්ක්‍රීට් එකක සිදුරක් විදලා කෙමිකල් දාලා රීබාර් කම්බියක් හයිකරන එකට තමා කෙමිකල් ඇන්කරින් කරනවා කියන්නේ.

Chemical Anchoring Illustrated Image


Step by Step illustrated Guide on Chemical Anchoring

Follow the steps explained in this article to install chemical anchors in concrete. The step-by-step illustrated guide on chemical anchoring will help you understand the chemical anchoring process. Always follow the instructions in the product manual before doing chemical anchoring. You will get a copy of the chemical anchoring instruction manual when you purchase the chemical anchoring product. Chemical anchors are also called epoxy mortars. Epoxy mortar contains resins, solvents, mineral fibers, binders, and sometimes additives for higher performance.

Chemical Anchoring Step by Step

Follow the steps explained below to install chemical anchors as described in the instruction manual.(1) First drill the hole.

Step 1: Drill the hole

Drill the hole

The first step is the drilling of a hole for chemical anchoring. You should refer to the product data sheet (2) or ask a technical officer about the diameter of the drill bit and the depth of the hole. Blow out the dust

Step 2: Blow out the dust

Blow out the dust

Clean the hole by blowing out the dust. The dust in the drilled hole prevents the proper bonding of the chemical to the base material. You can use a Hilti hand blower or any other tool to blow out the dust from the hole. Brush the dust off

Step 3: Brush the dust off

Brush the dust off

Use the round brush to take out as much as dust possible. You can get an idea about the remaining dust by inspecting the wall of the hole. Remember, you can’t remove the dust 100%. Again blow out the dust

Step 4: Again blow out the dust

Again blow out the dust

Once again clean the hole by blowing out the dust. This step removes any dust that remains even after using the brush for cleaning. After completing this step the hole is sufficiently clean to do the chemical anchoring. Insert chemical pack to the gun

Step 5: Insert the chemical pack into the gun

Insert the chemical pack to the gun

Insert the chemical pack into the chemical dispenser as shown in the image. Connect the nozzle to the pack and insert the pack into the cartridge. Then insert the cartridge into the chemical gun. Don’t use the first came-out chemical from the nozzle as they might not have been mixed properly.

Step 6: Discard the initial chemical portion

Discard the initial chemical portion

Don’t use the initially dispensed chemical portion. The two parts of the chemical may not have been mixed. Discard some initial amount. Then dispense the chemical into the cleaned hole. Dispense the chemical into the hole

Step 7: Dispense the chemical into the hole

Dispense the chemical into the hole

Now you can dispense the chemical into the hole. Start dispensing from the bottom of the hole. Don’t allow any air to trap inside the hole. Fill only 2/3 of the hole. Slowly insert the rebar into the hole. Allow curing without disturbing the rebar.


කෙමිකල් ඇන්කරින් කරන අවස්ථා

ගෙවල් හදාගෙන යනකොට සමහර වෙලාවට කොන්ක්‍රීට් එකෙන් කම්බි එලියට පන්නලා නතර කරනවා, පස්සේ ඒ කම්බි පාවිච්චි කරලා තව කොන්ක්‍රීට් එකක් දාන්න හිතාගෙන. ඒත් කාලයක් යනකොට ඒ කමිබි දිරලා පාවිච්චි කරන්න බැරි තත්වයකට එනවා.

ඒ වගේ වෙලාවට පරණ කම්බි ටික ග්‍රයින්ඩරයකින් කපලා අලුත් කම්බි හයි කරගන්නේ කෙමිකල් ඇන්කරින් කරලා. සමහර වෙලාවට අලුත්ම ව්‍යුහයක් (ස්ට්‍රුක්චර් එකක්) හදන්නත් කම්බි දාන්න වෙනවා. ඒ වෙලාවටත් අලුත් රීබාර් කම්බි හයි කරගන්නේ කෙමිකල් ඇන්කරින් කරලා.

උඩ තට්ටුවක ජනේලයක් තියෙන තැනක බැල්කනියක් අලුතෙන් දාන්න ඕන වෙන වෙලාවල් තියෙනවා. එතකොට පොලොව ලෙවෙල් ස්ලැබ් එක එක්ස්ටෙන්ඩ් කරගන්න ඕන. ස්ලැබ් එක කෙලවර තියෙන බීම් පෑදෙනකම් බදාම තට්ටුව කඩලා ඩ්‍රිල් කරලා කෙමිකල් දාලා ඇන්කරින් කරගන්න ඕන.

කොන්ක්‍රීට් කොලම් එකක් දාන්න පන්නලා තියෙන කම්බි හතර - මේවට කොලම් ස්ටාටර් කියල කියන්නේ - දිරලා තියෙන වෙලාවල් තියෙනවා. නැතිනම් ලොකේෂන් එක වෙනස් කරගන්න ඕන වෙන වෙලාවල් තියෙනවා. මේ වෙලාවට කෙමිකල් ඇන්කරින් කරගන්න වෙනවා.

කෙමිකල් ඇන්කරින් කරන්නේ රීබර් කම්බි විතරක් නෙමේ. ත්‍රෙඩ් බාරුත් ඇන්කර් කරනවා. කොන්ක්‍රීට් එකට ඇන්කර් කරපු ත්‍රෙඩ් බාර් එකට නට් එකයි වොෂර් එකයි පාවිච්චි කරලා ප්ලේට් එකක් හයි කරගන්න පුළුවන්. ස්ටීල් බිල්ඩින් වල එච් අයන් බේස් ප්ලේට් එක හයි කරන්නෙත් මේ විදියට තමා.

තවත් කොමන් ඇප්ලිකේෂන් එකක් තමා ස්ටේයාකේස්‌ ඇන්කරින්. බිල්ඩින් එකේ ස්ට්‍රුක්චර් එක හදලා අන්තිමට පඩිපෙලට අදාළ කම්බි කෙමිකල් ඇන්කරින් කරගන්නවා.

ඩබල් හයිට් ලිවින් ඒරියා එකක් තියෙන ගෙවල් වල සමහර වෙලාවට උඩ තට්ටුවේ ඉඩ වැඩිකරගන්න ඩබල් හයිට් - සම්පූර්ණයෙන් හරි කොටසක් හරි - අයින් කරලා ස්ලැබ් එකක් දා ගන්න ඕන වෙනවා. මේ වෙලාවටත් බීම් වලට කෙමිකල් ඇන්කරින් කරලා කම්බි හයි කරලා කොන්ක්‍රීට් දාගන්න පුළුවන්. වෙන මොනවහරි ස්ලැබ් එකක් ක්ලෝස් කරගන්නත් කෙමිකල් ඇන්කරින් යොදා ගන්න පුළුවන්.

හරියට කෙමිකල් ඇන්කරින් කිරීමේ වැදගත්කම

හරියට කෙමිකල් ඇන්කරින් කිරීම ඉතා වැදගත්. අලුතින් එකතු කරන කොටස්වල ලෝඩ් එක ගන්නේ මේ ඇන්කරින් පොයින්ට් වලින්. හරියට කෙමිකල් ඇන්කරින් කිරීම වගේම හරි කෙමිකල් ඇන්කර් එකක් තෝරා ගැනීමත් ඉතා වැදගත්. වෙලදපොලේ විවිධ කෙමිකල් වර්ග විවිධ මිල ගණන් වලට තියෙනවා. ලංකාවේ වගේම ලෝකයේ පුරාම ප්‍රසිද්ධ හා ඉහල ලෝඩ් බෙයාරින් හැකියාවක් තියෙන කෙමිකල් එකක් තෝරා ගැනීම වැදගත්. මේකේ තියෙන අනිත් පැත්ත තමා කොච්චර හොඳ කෙමිකල් එකක් වුනත් හරියට වැඩේ කරේ නැත්තන් ලොකු අනතුරක් වෙන්න පාඩුවක් වෙන්න පුළුවන්.

කෙමිකල් ඇන්කරින් වලට පෙර ඉතිහාසය

කෙමිකල් ඇන්කරින් තාක්ෂනය නැති කාලේ මේ වගේ වැඩ කරගන්න මිනිස්සු විවිධ ක්‍රම පාවිච්චි කළා. සමහරු කොන්ක්‍රීට් එක කඩලා අලුත් කම්බිය තියලා බයින්ඩින් කම්බි වලින් බැඳලා අලුත් කොන්ක්‍රීට් එක දැම්මා. තව අය කොන්ක්‍රීට් එක කඩලා අලුත් කම්බිය කොක්කක් වගේ හුක් එකක් වගේ දාල - ඇදෙන්නේ නැති වෙන්න - අලුත් කොන්ක්‍රීට් එක දැම්මා.

තවත් සමහර වෙලාවට කොන්ක්‍රීට් එක කඩලා අලුත් කම්බිය වෙල්ඩින් කරා. මෙහෙම කොන්ක්‍රීට් එක කඩන එක හරිම අවධානම් වැඩක්. ඊට උඩින් - ඒ කියන්නේ කඩන තැනට උඩින් - තියෙන ලෝඩ් එක වැඩිනම් ලොකු බ්රේක් ඩවුන් එකක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට වෙන උපක්‍රම පාවිච්චි කලා.

සමහරු තියෙන කොන්ක්‍රීට් එකේ ලොකු සිදුරක් හදලා කොන්ක්‍රීට් ග්‍රවුට් කොලපු දාලා කම්බිය හිර කරා. මෙහෙම ග්‍රවුට් වලින් කම්බි හයි කරත් ලොකු ලෝඩ් එකක් ගන්න බෑ. වෙන කරන්න දෙයක් නැති වෙලාවට සම්පූර්ණයෙන්ම කඩලා අලුතෙන් හදපු වෙලාවලුත් තිබුණා.

Chemical Anchor in Sri Lanka

කෙමිකල් ඇන්කරින් තාක්ෂනය

ස්ලැබ් එකක් එක්ස්ටෙන්ඩ් කරනවා නම් දික් කරනවා නම් සාමාන්‍යයෙන් බාස්ලා දන්නවා අඟල් 6න් 6ට දහයේ හරි දොලහේ හරි රීබාර් කම්බි දාන්න ඕන. බැල්කනියකට නම් සමහර වෙලාවට ලයින් දෙකක් ඇන්කර් කර ගන්නවා. මේකට කියන්නේ ඩබල් නෙට් කියලා. සිංගල් නෙට් වලට වැඩ ශක්තිය වැඩී.

ලොකු සයිට් වලනම් වෙනම ටෙක්නිකල් ඩිසයින් එකක් කරනවා ඉන්ජිනියර්සලා. ස්ට්‍රුක්චරල් ඉන්ජිනියර්සලා කියලා ගොඩනැගිලි ව්‍යුහය ගැන විශේෂ දැනුම තියෙන වැඩිපුර ඉගෙන ගත්ත ඉන්ජිනියර්සලා ඉන්නවා. මේ අය තමා බොහෝ වෙලාවට කෙමිකල් ඇන්කරින් ටෙක්නිකල් ඩිසයින් කරන්නේ. ඔයාගේ ගෙදර පොඩි වැඩකට නම් මේ වගේ ලොකු ඩිසයින් ඕන වෙන්නේ නැතිවෙයි.

ඇන්කරින් කෙමිකල් එකට ඩේටා ශීට් එකක් ස්පෙසිෆිකේෂන් එකක් තියෙනවා. පිටු 50ක 100ක ඩොකුයුමන්ට් එකක් මේක. එකේ කෙමිකල් එක ගැන සෑහෙන විස්තරයක් තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට මේකේ මුල පිටු ටික බලාගන්න පුළුවන් නම් සෑහෙන අවබෝධයක් ගන්න පුළුවන්.

ඔයා සල්ලි දීලා ගන්න කෙමිකල් පැක් එක ඇතුලෙත් ගොඩක් වෙලාවට ඉන්ස්ට්‍රුක්ෂන් මැනුවල් එකක් තියෙනවා. ඒක පොඩි පොතක්. දාන කම්බිය අනුව ගන්න ඕන ඩ්‍රිල් බිට් එකේ සයිස් එක, විදින්න ඕන ගැඹුර, හයිවෙන්න යන කාලය වගේ මූලික විස්තර මේකේ තියෙනවා.

බාස් එක්ක හරි ඉන්ජිනියර් එක්ක හරි කතාකරලා ඇන්කරින් කරන පොයින්ට් ටික තීරණය කරන්න. ඊට පස්සේ මාර්කර් පෙන් එකකින් හරි වෙන ක්‍රමයකින් හරි කොන්ක්‍රීට් එකේ මාර්ක් කර ගන්න. කම්බි තියෙයි කියලා හිතෙන තැන් මඟ ඇරලා මාක් කරගත්තොත් ඩ්‍රිල් කරන්න ලේසියි.

Chemical Anchoring Example Image 1

කෙමිකල් ඇන්කරින් කරන විදිය

කොන්ක්‍රීට් එක ඩ්‍රිල් කරන්න හැමර් ඩ්‍රිල් එකක් ඕන. ඩ්‍රිල් බිට් එකත් තල හතරේ එකක් පාවිච්චි කලොත් බිට් එක හිරවෙන්න තියෙන චාන්ස් එක අඩුයි. ගෙදර කෙමිකල් ඇන්කරින් වැඩක් නම් ඩ්‍රිල් එකයි බිට් එකයි දෙකම රෙන්ට් එකට ගන්න පුළුවන්.

අදාල ඩ්‍රිල් බිට් සයිස් එක පාවිච්චි කරන එක හරි වැදගත්. දාන කම්බිය වටේ මිලි මීටර් 2ක් වත් කෙමිකල් ගෑවෙන්න ඕන. සිදුරේ ගැඹුරත් අවශ්‍ය ප්‍රමාණයට තියෙන්න ඕන. ගන්න ලෝඩ් එක සිදුරේ ගැඹුරත් එක්ක වැඩිවෙනවා. මේකට සීමාවක් තියෙනවා.

ඩ්‍රිල් කරාට පස්සේ හෝල් එකේ දූවිලි කොන්ක්‍රීට් කෑලි ඉතිරිවෙනවා. මේවා අයින් කරන්නේ නැතිව කෙමිකල් දැම්මොත් හරියට හයි වෙන්නේ නෑ. හෝල් එක ක්ලීන් කරන එක ඉතාම තීරණාත්මකයි. මේවට විශේෂ උපකරණත් තියෙනවා. බ්ලෝඅව්ට් පම්ප් එක හා බ්‍රුෂ් එක වගේ.

ඒ ඒ කෙමිකල් වලට විශේෂිත ගන් ඩිස්පෙන්සර් තියෙනවා. ගොඩක් දුරට මේවයේ ක්‍රියාකාරීත්වය එක වගේ. මුලින්ම පුෂින් ලීවර් ආර්ම් එක එලියට ගන්න ඕන. ඊට පස්සේ හරි පැත්තට කෙමිකල් එක දාල නොසල් එක හයි කරන්න ඕන. දැන් හැන්ඩ්ල් එක ස්ක්වීස් කරනකොට කෙමිකල් එලියට එනවා.

ඩ්‍රිල් හෝල් එකට කෙමිකල් පුරවනකොට නොසල් එක හෝල් එකේ යටටම දාල කෙමිකල් ගහන ගමන් නොසල් කෙලවර ටික ටික උඩට ගන්න. පිරෙන්නම ගහන්න එපා. එහෙම කරොත් කෙමිකල් දාන කොට කෙමිකල් එලියට එනවා. යට ඉඳන් තුනෙන් දෙකක් දැම්මනම් ඇති. ආකිමිඩිස් නියමයට අනුව කම්බියට සමාන කෙමිකල් පරිමාවක් එලියට එන නිසා තුනෙන් දෙකක් දැම්මනං ඇති.

කම්බිය දානකොට හෙමීට දෙපැත්තට කරක කරක දාන්න ඕන. කම්බිය වටෙත් හෝල් එක පුරාත් හොඳට කෙමිකල් ගෑවෙන්න තමා එහෙම කරන්නේ. ගොඩක් හයියෙන් දැම්මොත් ඇතුලේ එයා බබල් එකක් තිබ්බොත් කෙමිකල් ටික එලියට පනින්නත් ඉඩ තියෙනවා.

ගන් එකෙන් කෙමිකල් එන එක නතර කරන්න ඒකෙ බිල්ට් අප් වෙච්චි ප්‍රේසර් එක රිලීස් කරන්න ඕන. මේකට ගන් එක පිටිපස්සේ තියෙන බටන් එක ප්‍රෙස් කරන්න. ඒකෙන් ගහල ඉවර වෙලා කෙමිකල් වැක් කෙරෙන එක නතර කරනවා. කෙමිකල් ගන් එකෙයි හැමතැනම ගෑවෙන එක නතර වෙනවා.

මුල කම්බි ටික ගහනකොට එක කම්බියකට ගන් එක කී සැරයක් ප්‍රෙස් කරන්න ඕනද කියල නොට් කරගන්න. එතකොට එක දිගට හරි කෙමිකල් ප්‍රමාණය හෝල් එකට දා ගන්න ලේසියි.

කෙමිකල් ඇන්කරින් කරන විට ආරක්ෂාව

කෙමිකල් ඇන්කරින් කරද්දී ආරක්ෂාව ගැන සැලකිලිමත්වීම වැදගත්. කම්බිය දාද්දී කෙමිකල් ඇහැට එන්න පුළුවන්. ඩ්‍රිල් කරද්දී කොන්ක්‍රීට් කෑලි ඇහැට එන්න පුළුවන්. ඩස්ට් එක බ්ලෝ අඋට් කරද්දී ඇහැට යන්න පුළුවන්. මේ නිසා ගොගල්ස් පාවිච්චි කරන එක ආරක්ෂිතයි.

කම්බි කපද්දී අත කැපෙන්න පුළුවන්. කෙමිකල් අතේ ගෑවෙන්න පුළුවන්. ඒ නිසා ග්ලවුස් දෙකකුත් දා ගන්න පුළුවන් නම් හොඳයි.

Chemical Anchoring Example Image 2

කෙමිකල් ඇන්කරින් කරාට පස්සේ

කෙමිකල් ඇන්කරින් කරාට පස්සේ විනාඩි දහයක් විතර යනකන් කම්බි අලයින් කරලා එහෙ මෙහෙ කරලා හදාගන්න පුළුවන්. මේ කාලයට වර්කින් ටයිම් එක කියල කියනවා. මේක කීයද කියල හරියටම දැන ගන්න ඕන. මේක කෙමිකල් එකෙන් කෙමිකල් එකට වෙනස්. අදාල ඩේට ශීට් එක බලන්න ඕන. නැත්නම් කෙමිකල් ඒජන්ට් ගෙන් අහන්න ඕන.

කෙමිකල් එක සම්පූර්ණයෙන් හයි වෙන්න යන කාලයට කියුරින් ටයිම් එක කියල කියනවා. මේක සාමාන්‍යයෙන් පැය පහත් දහයත් අතර වෙනස් වෙනවා කෙමිකල් එකෙන් කෙමිකල් එකට. මේ කාලය ඇතුලත ඒ කියන්නේ විනාඩි දහයකට පස්සේ පැය පහක් යනකන් කම්බි හොලවන්නේ නැතුව තියන්න ඕන. මේකත් ඉතාම වැදගත්. කම්බි හයි වෙලාද කියලා සැරින් සැරේ හොලවන්න එපා. එහෙම ඩිස්ටර්බ් වුනොත් කම්බියට ගන්න පුළුවන් ලෝඩ් එක අඩු වෙනවා.

කෙමිකල් ඇන්කරින් කලාට පස්සේ ගන් එක ක්ලීන් කරන්න ඕන. මොකද මේ කෙමිකල් හයි වුනාට පස්සේ අයින් කරන්න බෑ. ඒ නිසා හයිවෙන්න කලින් පිහදාලා දාන්න ඕනේ. නැතිනම් ඊළඟ කෙනාට ගන් එක පාවිච්චි කරන්න බැරි වෙනවා. ඔයා මේ ගන් එක රෙන්ට් එකට ගත්ත එකක් නම් සමහර වෙලාවට ගන් එක කැඩුනොත් අමතර මුදලක් ගෙවන්න වෙන්නත් පුළුවන්.


Contact Us

Contact Form | Chemical Anchoring


Chemical Anchoring in Sri Lanka Demo 3